පාසලේ ආරම්භය හා ඉතිහාසය

 

රදම්පොළ ශ්‍රි නාගවනාරාමාධිපතිව වැඩ සිටි ගරු බඹරැන්දේ ශ්‍රී සුමංගල රතනජෝති මාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් 1912 වර්ෂයේදී මුරුතගස්පිටිය පුරාණ විහාරයට යාබදව පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවක මෙම විදුහල ආරම්භ කර ඇත. මෙය කඩිනමින් මෙසේ ආරම්භ වීම, විජේසිංහ නැමැති පාදිලිතුමකු ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම සදහා මෙම ස්ථානයේ මෙතෝදිස්ත පාසලක් ආරම්භ කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ත කිරීමෙහි ප්‍රතිඵලයකි. පසුව පාසල සදහා එම ස්ථානය ඉඩකඩ මදි වූ බැවින් 1921 දී මුරුතගස්පිටිය, හොරගහතැන්න ඉඩම මිලට ගත් ශ්‍රී සුමංගල රතනජෝති හිමියන් එහි 90'*30' ගොඩනැගිල්ලක් ඉදිකරවා පාසල එම ගොඩනැගිල්ලට ගෙන යන ලදී. 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පපන්ති එහි පවත්වන ලද අතර එහිද ඉඩකඩ මදි වූ බැවින් 1962 දී පමණ කුරුදු වත්ත ඉඩම නම් ඉඩම පවරා ගෙන එහි 1968 දී 80'*20' නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කෙරිණි. ඒ අනුව ප්‍රාථමික 1 සිට 5 දක්වා ශ්‍රේණි පැරණි ගොඩනැගිල්ලේ ද වශයෙන් පාසල ස්ථාන දෙකක පවත්වා ගෙන යන ලදී. ස්ථාන දෙකක පාසල පැවතීම නිසා පරිපාලන කටයුතු අපහසු වූ බැවින් ද 1976 දී පමණ 80'*20' නව ගොඩනැගිල්ලක් තනවා නව පාසල් භූමියේ ප්‍රාථමික පන්තිද පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඉතා කෙටි කාලයක් තුළ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වූ බැවින් ද, ශිෂ්‍යත්ව හා අ.පො.( සා.පෙළ) විභාග ප්‍රතිඵල සතුටුදායක වූ බැවින් ද 1980-07-01 දින සිට මෙම පාසල මහා විද්‍යාලයක් බවට උසස් කෙරුණි

ආරම්භ කළ වර්ෂය

1912 දෙසැම්බර් 10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මුරුතගස්පිටිය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

මුරුතගස්පිටිය පුරාණ විහාරයට යාබඳව

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 

 

 

 

{QF3=5}

Search